බම්බලපිටිය හන්දිය හරියෙ පාර අයෙනේ පරණ පොත් විකුනණ ලෑල්ලක තිබිලා මට හම්බුණා ලස්සන කවි පොතක්. "ආසියාවෙ කවි" ...W.A. අබේසින්හ මහත්මයා විසින් පරිවර්තනය කරපු, ආසියවේ විවිධ කවීන්ගෙ කාව්‍ය එකතුවක්.
ඒ කවි අතරින් මෙම කවිය සුවිශේෂයි.මෙය මන්ජිත් තිවානා නම් සුප්‍රකට පන්ජාබ් කිවිඳිය විසින් රචනා කරන ලද්දක්.
--- කෙඳිරිලි ---
ආදරය
ආදරය
වර්ණ සේය පටලයකි
මැකුණාට පසු
යලි මුද්‍රණය කරනු බැරි..
ආදරය
ආදරය
වර්ණ සේය පටලයකි
මැකුණාට පසු
යලි මුද්‍රණය කරනු බැරි..
තනිකම
සත්‍ය කියන්නට
ශක්තිය එනවිට
අප හැම තනියෙනි..
වෙහෙස
සියවස් ගණනක් පියඹා ගිය
සුවහසක් සකුණෝ
බසිති මා මනසට
සනසුම පතා..
දුක
මගේ මිතුරාත් මමත්
වන්දනා ගමනේ
අවසනයට ලඟා වීමු.
එවිට දෙදෙනා දෙදිසාව්ක
අතරමන් වෙලාය..
සතුට
අද මා
කවියෙකු වූ බැවිණි..!!!
ශක්තිය එනවිට
අප හැම තනියෙනි..
වෙහෙස
සියවස් ගණනක් පියඹා ගිය
සුවහසක් සකුණෝ
බසිති මා මනසට
සනසුම පතා..
දුක
මගේ මිතුරාත් මමත්
වන්දනා ගමනේ
අවසනයට ලඟා වීමු.
එවිට දෙදෙනා දෙදිසාව්ක
අතරමන් වෙලාය..
සතුට
අද මා
කවියෙකු වූ බැවිණි..!!!
1 comments:
Post a Comment
සුභ පැතුම්..!
Post a Comment