මෙවර Oscar සම්මන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය - Departures (Okuribito)


මෙය ජපන් චිත්‍රපටියක්.වැඩිය කතාබහට ලක් නොවුනත් ඉතාම උසස් ගනයෙහි ලා සලකන්න පුලුවන් විදිහේ සිනමා නිර්මානයක්.Yojiro Takita විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය ,හොඳම විදේශීය චිත්‍රපටයට හිමි Oscar සම්මානය ඇතුළු සම්මාන ගනණාවක් දිනාගෙන තිබෙනවා.

ප්‍රධාන චරිතය රඟපාන Masahiro Motoki මෙහි රංගනය වෙනුවෙන් Asian Film awards , Golden Rooster Awards යන විදේශීය උළෙලවල් වලදි හොඳම නළුවා ලෙස සම්මානයත පාත්‍ර වූවා.

(තේමා සංගීතය)

බලාපොරොත්තු කඩවූ තරුණ cello වාදන ශිල්පියෙකුගේ ජීවිතය,දෙවය විසින් නොසිතූ මගකට හරවන අපූරු කතාවක් මින් කියවෙනවා. විවිධ තීව්‍රතා වලින් ගලායන පසුබිම් සංගීතයත්, දෙබස් රහිත දර්ශනත් ,ප්‍රේක්ෂකයා තුළ ජනිත කරන්නේ ඉතාමත් සංවේදී හැඟීම් සමුදායක්...

ඇත්තෙන්ම මෙය විශිෂ්ට සිනමා නිර්මාණයක්..

torrent : http://www.mininova.org/tor/2562750
උප සිරැසි : http://subscene.com/Departures-Okuribito/subtitles-75750.aspx


වැස්ස සහ පසුතැවීම

අනෝරාවැහි ඇදහැලුණු ගොම්මනක
හිසකේ වත් නොපීරා හන්දියට ආවාට
මම අම්මාට බැන්නෙමි..
දෙපයට සෙරෙප්පුවත් නැතිවම හන්දියට දුවන් ආවේ,
ගෙරෙව්වොත් හයියෙන්, මං බයවෙන නිසා බව දැන දැනත්
මම අම්මාට බැන්නෙමි..
මෝසම් වැස්ස නොව
ඒ ඇදහැලුනේ
සදාතන මව්සෙනේදිය බව දන දැනත්
මම ඇයට බැන්නෙමි..

මේ කවිය ලියමින් හැඬුවෙමි...

අහම්බෙන් අහුලාගත් කවි...

බම්බලපිටිය හන්දිය හරියෙ පාර අයෙනේ පරණ පොත් විකුනණ ලෑල්ලක තිබිලා මට හම්බුණා ලස්සන කවි පොතක්. "ආසියාවෙ කවි" ...W.A. අබේසින්හ මහත්මයා විසින් පරිවර්තනය කරපු, ආසියවේ විවිධ කවීන්ගෙ කාව්‍ය එකතුවක්.
ඒ කවි අතරින් මෙම කවිය සුවිශේෂයි.මෙය මන්ජිත් තිවානා නම් සුප්‍රකට පන්ජාබ් කිවිඳිය විසින් රචනා කරන ලද්දක්.


--- කෙඳිරිලි ---

ආදරය
ආදරය
වර්ණ සේය පටලයකි
මැකුණාට පසු
යලි මුද්‍රණය කරනු බැරි..

තනිකම
සත්‍ය කියන්නට
ශක්තිය එනවිට
අප හැම තනියෙනි..

වෙහෙස
සියවස් ගණනක් පියඹා ගිය
සුවහසක් සකුණෝ
බසිති මා මනසට
සනසුම පතා..

දුක
මගේ මිතුරාත් මමත්
වන්දනා ගමනේ
අවසනයට ලඟා වීමු.
එවිට දෙදෙනා දෙදිසාව්ක
අතරමන් වෙලාය..

සතුට
අද මා
කවියෙකු වූ බැවිණි..!!!


ප්‍රවේශය..


ජීවිතය කවියක්..
ආදරය එහි සොඳුරුතම වදනක්..
කඳුළැලි බිඳක්,
හසරැළි පොදක්,
එකට එක්වූ විට දැනේ
පෙර නොවිඳි රසයක්...

එන්න...

ඇස ගැටුණු , සිත ගැටුණු සොඳුරු දෑ විඳගන්න...

සොයන්න

ජීවිතය කවියක්..